Friday, March 15, 2019

මොකක්ද මේ Adfly කියන්නේ? – මූලික හැදින්වීම



ඉතින් මේ බ්ලොග් එක කියවන ඔයා අනිවාර්‍යයෙන්ම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගැන උනන්දු වෙන කෙනෙක් වෙන්න ඕනෙ. මොකද නැතිනම් ඔයා මේ බ්ලොග් එකට එන්න විදියක් නෑ. ඒ වගේම ඔයා adfly හරහා මුදල් උපයන්න කැමති කෙනෙක් වෙන්න ඇති කියලත් හිතනවා.

ඉතින් මේ Adfly වලින් මුදල් උපයන විදිය කියලා දෙන්න කලින් මේ ඇඩ්ෆ්ලයි සමාගම හා එහි වටපිටාව ගැනත් මේ හරහා ඇත්තටම මුදල් උපයන්න පුලුවන්ද කියලත් කියන එක ගැන සාකච්ඡා කරන්න හිතුනා.

Adfly Company
ඇත්තටම මේ වෙබ් අඩවිය හා සමාගම පටන් අරන් තියෙන්නෙ 2009 වසරේදී. ඒ වගේම මෙහි අයිතිකරුවා බ්‍රිතාන්‍යය ජාතිකයෙක්. මෙහි සේවකයින් 10 – 50ක් අතර ප්‍රමාණයක් දැනට සේවය කරනවා.

අපි මේ වෙබ් අඩවියේ Alexa Details ආදියද විමසා බැලුවා. එහි අගය මේ බ්ලොගය ලියන මොහොත වනවිට 2490 වන අගයේ පැවතුනා. එනම් එය ජනප්‍රියත්වය අතින් ලොව පළමු වෙබ් අඩවි 3000 අතර පවතිනවා. එබැවින් අපට මෙම වෙබ් අඩවිය හා එහි සිදුවන ක්‍රියා පටිපාටිය බොරුවක් කියලා කියන්න බැහැ. මෙය වැඩියෙන්ම පාවිච්චි කරනු ලබන්නේ ඉන්දීය ජාතිකයින්.

දැනට වසර 10ක සිට මෙම වෙබ් අඩවිය Internet Money ක්ෂේත්‍රයේ ඉතාම ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ හරහා මුදල් ඉපයීම ඉතා සරල වගේම ඉතාම පහසු කටයුත්තක්. නමුත් මුල් කාලයේ මේ Adfly Links ඉතා වැරදි ආකාරයට Facebook, Twitter වල පළකිරීම නිසා එම වෙබ් අඩවි මේ Adfly වෙබ් අඩවිය හා සැබැදි ලින්ක් කිසිවක් දැන් පළ කිරීම තහනම් කර තිබෙනවා. එය ඉතිහාසයේ මේ වෙබ් අඩවිය මගින් මුදල් ඉපයූ පරිශීලකයින්ට දැඩි පහරක් එල්ල කලා. නමුත් වෙනත් ක්‍රම කීපයක් හරහා මෙමගින් සාර්ථකව මුදල් උපයන පිරිස් රැසක් ලෝකයේ වගේම ලංකාවේත් සිටිනවා. මේ බ්ලොගය මගින් ඒ සියලුදේ පිළිබදව අප සාකච්ඡා කරන්න සූදානම්. ඒ වගේම මේ වෙබ් අඩවිය බොරු කිරිම් කර නැහැ. මුදල් ඉපයීමේ අවම සීමාවට පැමිණ Cashout ඉල්ලූ හැමෝටම මුදල් ගෙවා තිබෙනවා. මෙහි මුදල් ලබා ගැනීමේ අවම සීමාව 5$ වෙනවා. එම මුදල් Paypal, Payoneer වලට ලබා ගැනීමේ පහසුකම තිබෙනවා.

Adfly වලින් සරලවම කරනු ලබන්නේ ඉතා දිගු වෙබ් ලිපිනයක් ගෙනවිත් එය මෙම වෙබ් අඩවියට ඇතුලත් කර කෙටි වෙබ් ලිපිනයක් හෙවත් Adfly Link එකක් බවට පත් කිරීමයි. කිසියම් පුද්ගලයකු ඒ ලින්ක් එක කිලික් කර අදාල වෙබ් අඩවියට ගියොත් එම ලින්ක් එකේ අයිතිකරුට කිසියම් මුදලක් ලැබනවා. නමුත් මෙසේ Adfly Link එකක් හරහා යනවිට ඔවුන් ලබාදෙන වෙළද දැන්වීමක් තත්පර 5ක් නරඹා ඉන් පසු අදාල අඩවියට යාමට කිලික් කරන්නාට සිදුවනවා. මෙය සමහරවිට හිසරදයක් වීමට පුලුවන. නමුත් උපායශීලීව භාවිතා කලහොත් මෙමගින් ඉතා විශාල මුදලක් උපයාගැනීමට කෙනෙකුට පුලුවන්.

මෙමගින් මුදල් ඉපයිය හැකි සාර්ථකම ක්‍රමය නම් වෙබ් හෝ බ්ලොග් අඩවියක් තුළ මේ Adfly Link ඇතුලත් කර එයට හැකි තරම් කියවන්නන් ගෙන්වා ගැනීමයි. ඉදිරියේදී මේ ගැන විශාල වශයෙන් අප සාක්ච්ඡා කරන්න ලෑස්තියි.

මේ තුළ Popads ඇතුළු තවත් ක්‍රම රැසකින් මුදල් උපයන්නට 2019 මීට සම්බන්ධවන ඔබට පුලුවන්. මුලින්ම ඔයා තවමත් මේ Adfly වලට Join වෙලා නැතිනම් පහළින් ගිහින් අදම Register වෙන්න


ඔයාගෙ නම, ඊමේල්, Password ඇතුලත් කර මෙහි රෙජිස්ටර් වෙන්න. ඉන්පසු එම විස්තර මතක ඇතිව ලියා තබන්න. ඉන්පසු ඔයා ඇතුලත් කරපු ඊමේල් එකට ගිහින් බලන්න. Confirmation Email එකක් ඇවිත් ඇති. මතක ඇතිව ඒක බලලා මෙහි Sign In වෙන්න.

මෙම වෙබ් අඩවියේ දිස්වන අයුරු 

දැන් වැඩේ හරි. මෙමගින් මුදල් උපයන විදිය පියවරෙන් පියවර ඉදිරි ලිපි වල අඩංගුයි. ඒ ටිකත් අනිවා කියවන්නකො.

මේ ලිපිය හැමෝටම කියවන්න Facebook Twitter වල Share කරන්න අමතක කරන්න එපා යාලුවනේ.



0 comments:

Post a Comment