Thursday, March 21, 2019

Adfly Popads ඔබේ බ්ලොග් එකේ දමා මුදල් උපයමු



ඔයා බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් තියෙන කෙනෙක් නම් ඒ හරහා මුදල් උපයන්න පුලුවන් තවත් අලුත් වගේම සාර්ථක ක්‍රමයක් තමා මේ කියන්න යන්නෙ. ඔයාට තවමත් බ්ලොග් අඩවියක් නැත්නම් Blogger.com වෙත ගිහින් අදම බ්ලොග් එකක් පටන් ගන්න. මේකට කිසිම වියදමක් යන්නෙ නෑ. නොමිලේම අදම පටන් ගන්න පුලුවන්.

ඒ වගේම මුදල් උපයන්න පටන් ගන්න කලින් ඔබ ඔබේ බ්ලොගයේ ලිපි කීපයක් පල කරන්න. හැමවිටම වචන් 300 ට වඩා ලියන්න බලන්න. ඉන්පසු ඔබට පුලුවන් Adfly වලින් මුදල් ඉපයීම ආරම්භ කරන්න.
ඔබ තවමත් Adfly Register වෙලා නැතන්ම් පහලින් ගිහින් රෙජිස්ටර් වෙන්න


ඔබට අප මීට කලින් ගැන ආ ලිපි කියැවීමට නොහැකි වූයේ නම් මෙම ලිපිය කියවීමට පෙර එම ලිපි 2 කියවන්න පහලින්

මෙහි සාමාන්‍යයෙන් 1000 Views වලට 0.1-0.2$ ප්‍රමාණයක් උපයන්න ඔබට පුලුවන්. ඉංග්‍රීසි බ්ලොග් වලනම් මේ අගය තවත් වැඩි. මේක අර Adfly Link Click වෙලා ලැබෙන ආදායමට වඩා ගොඩක් වැඩි. මොකද මම මේ දෙකම කරන නිසා.

හැමවෙලේම ඔයාගෙ අලුත් ලිපි සමාජ ජාල වෙබ් අඩවිවලට බෙදාගන්න. එතකොට ඒ එන කට්ටිය නිසා ඔයාගෙ ආදායම් වැඩිවෙනවා. එහෙනම් වැඩි කතා නැතිව අපි බලමු මේ Popads ඔයාගෙ බ්ලොග් එකට දාගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔයා ඔයාගෙ Adfly Dashboard එකට යන්න ඕනෙ. ඊට පස්සෙ ඒකෙ උඩ තියෙන Tools කියන තැන Click කරන්න. දැන් වම් පැත්තේ පහල තියෙන Popads වලට යන්න. දැන් ඔයාට මොකක්ද Html Code තියෙන පිටුවක් ඒවි. ඒකේ යටම නිල් පාටින් තියෙන Use Our Website Monetization Widget කියන දිග Button එක දැන් Click කරන්න. එතකොට ඔයාට වෙනම Notification Window එකක් ඒවි.

මෙතනදි ඔයා වැඩි වෙනස්කම් කරන්න යන්න එපා. ඒකෙ තියෙන Adfly Protocol තැන HTTP ද එහෙමත් නැත්නම් HTTPS ද කියන එක ඔයාගෙ වෙබ් Address එක බලලා දාගන්න. ඊට පස්සෙ යටම තියෙන Website Entry Script, Pop Ads කියන තැන් දෙකට ඔයාලා කැමතිනම් හරි ලකුණු දාගන්න. ඒවා අවශ්‍යම නෑ. දැන් ඔයාට ලැබෙන Html Code එක Copy කරගන්න.

දැන් මේ කොපි කරගත්තු කෝඩ් එක ඔයා Blogger Dashboard-à>> Layout-à>HTML/JavaScript ගිහින් Paste කරලා Save කරගන්න. පහල රූපය බලන්න.


දැන් ඔයාගෙ වැඩේ ඉවරයි. දැන් ඔයාගෙ Traffic එක අනුව මුදල් එකතුවෙලා තිබේවි. මේක ඔයාගෙ Adfly Dashboard එකේ බලාගන්න පුලුවන් ඔයාට.

මීලග ලිපියෙන් අපි මේ ඇඩ්ෆ්ලයි Referral Program එක හරහා ඔයා උපයන මුදල් තවත් වැඩි කරගන්න විදිය කතා කරමු. එහෙනම් මේ ලිපිය පුලුවන් තරම් සමාජ ජාලවලට ශෙයා කරන්න.


1 comment: