Friday, March 15, 2019

Adfly සමග Link Shorten කර නිවැරදිව මුදල් උපයමු


මීට කලින් ලිපියේදී අපි ඔබට ගෙන ආවා Adfly කියන්නේ මොකක්ද හා එහි දී ඔබට මුදල් ඉපයිය හැක්කේ කෙසේද කියා. ඔබට එම ලිපිය කියැවීමට නොහැකි වූයේ නම් පහතින් ගිහින් එය අනිවාර්‍යයෙන්ම කියවන්න.


මෙම ලිපියේදී අප සාක්ච්ඡා කරනු ලබන්නේ Link shortens කිරීම මගින් මුදල් උපයන ආකාරයයි. ඊට කලින් ඔබ තවමත් මේ වෙබ් අඩවියේ Register වුනේ නැතිනම් දැන්ම ගිහින් පහතින් රෙජිස්ටර් වෙන්න.


රෙජිස්ටර් වුනාට පස්සේ ඔයා Adfly Dashboard එකට ඒවි. දැන් අපි බලමු දිගු ලින්ක් එකක් කුඩා ලින්ක් එකක් බවට පත් කරලා එමගින් මුදල් උපයන විදිය.

මුලින්ම ඔයා කට්ටියව යවන්න ඕනෙ Web Link එකක් තෝරාගන්න. දැන් එම ලින්ක් එක Copy කරගෙන ඇවිත් Adfly Dashboard එකේ තියෙන දිගු කොටුවට දමා Shrink යන නිල් පාට කොටුව Click කරන්න. දැන් ඔබේ දිගු Link එක කෙටි Adfly Link එකක් බවට පත්වේවි. දැන් එම Adfly Link එක copy කරගන්න.
මින් පසුව ඔබ මේ ලින්ක් එක හරහා මිනිසුන් යැවිය යුතුය. එවිට පමණයි ඔබට මුදල් ලැබෙන්නෙ. මේ සදහා ඔබට Facebook හා Twitter භාවිතා කරන්න බැහැ. නමුත් ඒ සදහා Whatsapp, Linkedin, Forum Sites, Blogs ආදියේ භාවිතා කිරීමට පුලුවන්.

මෙම රතු කොටුවට ඔබේ දිගු ලින්ක් එක දමා කෙටි කරගන්න 

ඔබ Forum Sites භාවිතා කරනවනම්, ඒවාගේ Signature එකට මේ Adfly Link එකක් ඇතුලත් කරන්න ඔයාට පුලුවන්. නමුත් මෙයින් මුදල් ලැබෙන්න නම් ඔබ එම Forums වල Active Member කෙනක් වෙන්නම වේවි.

ඒවගේම Blog Commenting වලදී වෙබ් අඩවිය ඇතුලත් කරන තැන්වලට මේ ලින්ක් ඇතුලත් කරන්න ඔයාට පුලුවන්.

නමුත් මමනම් මේ සදහා නිර්දේශ කරනු ලබන්නේ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් භාවිතා කරන්න කියලයි. ඔයාට තවමත් බ්ලොග් එකක් නැතිනම් පහලින් Blogger වෙබ් අඩවියට ගිහින් නොමිලේම බ්ලොග් අඩවියක් නිර්මාණය කරගන්න.


දැන් ඔබට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි කීපයක් පල කර එහි මේ Adfly Links ඇතුලත් කරන්න පුලුවන්. ඔයාට පුලුවන් ඔයාගෙ වෙබ් අඩවියේ ඉදලා වෙනත් වෙබ් අඩවි වලට යන Links තියෙනවනම් ඒ ඔක්කොම Adfly Links කරන්න. එවිට ඒ හරහා යන සෙනග නිසා ඔයාට මුදල් ලැබේවි. හැබැයි මේක ඕනෙවට වඩා කරන්න යන්න එපා. කොයිම වෙලාවකවත් Spam කරන්න එපා.

ගොඩක් වෙලාවට Download Links, Youtube Links වගේ දේ මේ ඇඩ්ෆ්ලයි ලින්ක් වලින් දෙන්න. ඒවා එතකොට ගොඩක් අය කිලික් කරනවා.

දැන් ඔබට කරන්න තියෙන්නෙ මේ බ්ලොග් එකට Traffic Drive කරන එක. ඒකට ඔයාට පුලුවන් Facebook Pages, Facebook Groups, Linkedin, Twitter, Pinterest වල මේ ලිපි Share කරන්න. ඒ වගේම ඔයා හොද ලිපි ලීවොත් Google වලිනුත් සෙනග ඒවි ඔයාගෙ බ්ලොග් එකට එතකොට ඔයාගෙ Earning වැඩි වේවි. 5$ වුනාට පස්සෙ ඔයා උපයපු මුදල් Withdraw කරගන්න පුලුවන්.

සාමාන්‍යයෙන් ලංකාවෙ 1000 Clicks වලට ලැබෙන්නේ 0.4$ වගේ මුදලක්. නමුත් USA, UK වගේ රටවලින් ලැබෙන 1000 Clicks වලට 2-4$ වගේ මුදලක් ඔබට ලැබෙනවා. හැකිතරම් සුද්දො Target කරන්න.



ඒ වගේම ඔයාට පුලුවන් Adfly Chrome Extension එක ඔයාගෙ Web Browser එකට Install කරගන්න. එතකොට ඔයා යන වෙබ් ලිපින සියල්ලම ඇඩ්ෆ්ලයි ලින්ක් වේවි. එතකොට ඔයාම තමයි මේ ලින්ක් ක්ලික් කරන්නෙ. ඒත් ඔබට මුදල් ලැබෙනවා.

නමුත් Adfly වලින් මුදල් උපයන්න තියෙන සුපිරිම ක්‍රමේ තමයි Adfly Popads. මේ ගැන අපේ මීලග ලිපියේදී ඔබට ගෙන එන්නම්. එතකන් මේ ලිපිය හැමෝටම කියවන්න පහලින් ශෙයා කරන්න යාලුවනේ.



0 comments:

Post a Comment